April 28, 2024

මහාවංසයේ 6 වෙනි වෙළුමට ෆොන්සේකාගෙන් ප්‍රහාරයක් (VIDEO)

December 03, 2021

මහාවංසයේ වෙනි වෙළුම ගැන ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ කාරක සභා  විවාදයට එක්වෙමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූවා.

ඒ එය ඇතැමෙකුට නීරස විය හැකි බවද සඳහන් කරමින්.

සතියක් කියැවූ වෙළුම

මහා වංශයේ 6 වැනි පෙරමුණේ 4 වැනි තමන් ඇතුළු හමුදාවන් කළ ඊලාම් යුද්ධය ගැන පිටු 72ක් ලියා ඇති බව සඳහන් කළ ෆොන්සේකා මහතා තමා එය සතියක් පුරා කියවා ඉන් උකහා ගත් කරුණු පදනම් කරගෙන පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන බවද පෙන්වා දුන්නා.

"එම පිටු 72 ලියා තිබෙන්නේ මහාචාර්යවරුන් වැන්නවුන් වුවත් එහි ලියා තිබෙන සමහර දෑ ඉතා බොළදයි.ඔවුන්ට තිබුණේ තමුන්ට නොතේරෙන දේ නොලිය ඉන්නයි.පොත ලියූ පිරිස හතර වැනි ඊළාම් යුද්ධය ගැන තොරතුරු අසාගෙන ඇත්තේ 1996 හා 2000 වසරවල විශ්‍රාම ගියේ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනෙක්ගෙන්."

"ඒ දෙදෙනාම මේ යුද්ධයට කිසිසේත්ම සම්බන්ධ වූ අය නෙවෙයි.ඒ දෙන්නාගෙ නම් තියෙනවා මේකේ.ඔවුන් නොදන්නා දේ නොකියා පැත්තකට වී සිටියා නම් හොඳයි.මෙහි සඳහන් දෙයින් යුද්ධයේදී ජීවිත පූජා කරමින් නොකා නොබී කැපකිරීම් කළා තමන් ඇතුළු පිරිසට එය වේදනාවක්."

සාජන් මේජර් හා මාධ්‍යවේදියෝ

ෆොන්සේකා මහතා එසේ සඳහන් කළේ මේ ගැන යුද්ධයේ හිටපු සාජන් මේජර්වරයෙක්ගෙන් හෝ මාධ්‍යවේදියෙක්ගෙන් මේ ගැන අසා ලිව්වා නම් මීට වඩා වැදගත් විදිහට ලියන්න තිබුණ බවද පෙන්වා දෙමින්.

4 වැනි ඊළාම් යුද්ධය ගැන මහා වංශයේ 6 වැනි වෙළුමේ සඳහන් දේ කියවා තමන් කරුණු 72 ක් පෙළගස්වා ඇති බවත් ඒවා සභාගත කරන බවත් දැනුම් දුන්නා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 December 2021 09:28

Related items