April 28, 2024

සම්බන්ධීකාරක රත්තරං හෑරුවේ ඇමතිගේ අනුදැනුම මත : ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්

December 03, 2021

ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පුදුකුඩුඉරිප්පු වල රත්තරන් හැරීමට ගිය සිද්ධිය ගැනත් අදහස් පළ කළා.

එසේ රත්තරන් හැරීමට ගියේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සහ තවත් ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙක්.

ඇමතිගේ අනුදැනුම

ෆොන්සේකා මහතා සඳහන් කළේ වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා එසේ රත්තරං හැරීමට ගියේ වීරසේකර මහතාගේ අනුදැනුම මත බවයි.

වීරසේකර මහතාගේ අනුදැනුමක් නැතිව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කිසිවිටෙකත් මේ වැඩේ නොකරන බවයි ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ.

කුට්ටියක් ඇමතිට

එයින් කුට්ටියක් වීරසේකර මහතාද බලාපොරොත්තු වූ බව තමන් හොඳාකාරවම දන්නා බවත් ෆොන්සේකා මහතා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් තමන්ගේ සම්බන්ධීකරන ලේකම්වරයාට එරෙහිව නීතිය ඉටුකරන ලෙස ෆොන්සේකා මහතා වීරසේකර මහතාට දැනුම් දුන්නා.

සිද්ධියට අදාල සම්බන්ධීකරණ ලේකම්වරයා වන සුදත් ජයසිංහ නමැති අය එම ධුරයෙන් ඉවත් කළ බව වීරසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 03 December 2021 21:18

Related items