හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ පිළිබඳ මූලික සාකච්ඡා පසුගිය දින කිහිපය තුළ අවසන් කර ඇතැයිද ඒ අනුව එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවත් වාර්තා වේ.
කුමාර වෙල්ගම මහතාගේ නායකත්වය යටතේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් අද(06) දින පිහිටුවා ගැනීමට නියමිතය. ඉන් අනතුරුව සමගි ජන බලවේගය සමග එම කණ්ඩායම එක්වීමට සූදානම් බව එම ආරංචි මාර්ග පැවසී ය.