May 02, 2024

ගීතාගෙන් ඉල්ලූ දේ නොදෙයි - ගීතාගේ නිවසට ආ අයෙක් බැන මරණ තර්ජනය කරයි Featured

February 21, 2022

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනී ගිතා කුමාරසිංහ මහත්මියට පුද්ගලයෙකු බැන මරණිය තර්ජනය කර තිබෙනවා.

අදාළ පුද්ගලයා ඊයේ (20) අත්අඩංගුවට ගත් බවයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටකනත්ත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙක්.

ණය මුදලක් ලබා නොදීම සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා මන්ත්‍රිවරියගේ හඹුරුගල පිහිටි නිවසට ගොස් බැන මරණිය තර්ජනය කර ඇතැයි පොලීසිය සඳහන් කළා.

මන්ත්‍රිවරිය විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයුතු ඇතුල්විම හා බැන මරණිය තර්ජනය කිරිම සම්බන්ධයෙන් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Rate this item
(5 votes)
Last modified on Monday, 21 February 2022 11:42

Related items