May 02, 2024

මහ බැංකු අධිපති විතරක් නෙවෙයි අපි ඉන්නෙත් කලකිරීමෙන්: ගීතා කලකිරීම යළිත් කියයි Featured

September 14, 2021

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ගීතා කුමාරසිංහ මහත්මිය නිරන්තරයෙන් ආන්දෝලනාත්මකව ප්‍රකාශ මන්ත්‍රීවරියක්.

හෙට (14) විශ්‍රාම යෑමට නියමිතය මහ බැංකු අධිපති මහාචාර්ය ලක්ෂ්මන් මහතා ප්‍රසිද්ධියේම පැවසූ ඔහුගේ කලකිරීම පිළිබඳව ප්‍රකාශයට කුමාරසිංහ මන්ත්‍රීවරියක් පිළිතුරක්දී තිබෙනවා.

මාධ්‍ය හමුව

ඒ බෙන්තර සිය නිවසේ පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්.

"මහ බැංකු අධිපති තුමාට නොයෙකුත් හිත රිදීම් තියෙනවා කියලා ආරංචි තිබෙනවා.මහ බැංකුව කියන්නේ අපේ හදවත වගේ තැනක්.එතනට හොඳට වැඩ කරන්න පුළුවන් කෙනෙක් දාන්න ඕන."එහෙම කියන මන්ත්‍රීවරිය "මහබැංකු අධිපතිට විතරක් නෙවෙයි.අපිටත් ලොකු හිත් අමාරුකම් හා කලකිරීම් ඇති වෙලා තියෙනවා.ඒත් මේ අවුරුදු කිහිපය ඒවා අමතක කරලා වැඩ කරන්න වෙලා තියෙනවා" යයිද සඳහන් කරනවා.

සිරිමාවෝ යුගය යළිත්

ඒ හැරුණු කොට පිටරටින් ගෙන්වන භාණ්ඩ 623 කට ණයවර ලිපියේ ගත කිරීමේදී 100% ක මුදල් තැන්පතු කිරීම ගැනද අදහස් දක්වා තිබෙන මන්ත්‍රීවරිය යළිත් රට සිරිමාවෝ බණ්ඩාරනායක යුගයකට පත් වීමට ඉඩ තිබෙන බවටයි අනතුරු අඟවන්නේ.

සාමාන්‍ය දුප්පත් මිනිසකු ගෙදර ශීතකරණයක් , විදුලි පංකා කිහිපයක් ලබා ගැනීමට කැමති බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය දුප්පත් මිනිසුන් වැඩියෙන් පරිහරණය කරන එවැනි භාණ්ඩවල බදු අඩුකරන අඩු කරන ලෙසටද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

මේ තියෙන තත්ත්වය උඩ තව ටික කලකින් ලංකාවෙ ළමයි ඇපල් මොනවාදැයි කියන අහන යුගයක් උදාවීමට ඉඩ තිබෙන බව ද පෙන්වා දෙන මන්ත්‍රීවරිය එවන් තත්ත්වයක් ඇතිවීම ඉතා භයානක බවයි සඳහන් කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 14 September 2021 07:50

Related items