May 02, 2024

පක්ෂ භේද මට වැඩක් නෑ: රන්ජන්ව නිදහස් කරන්න - ගීතා ජනපතිගෙන් ඉල්ලයි

සිරදඬුවම් විඳිමින් සිටින රංජන් රාමනායක මහතාව කලාවේ නාමයෙන් නිදහස් කරන ලෙස ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් කිරීම අද (23) පාර්ලිමේන්තුවේ සිදු වූ සුවිශේෂී කාරණයක් විය.

දේශපාලන පලිගැනීම් සදහා වූ විවාදයට එක්වෙමින් කතාකළ කුමාරසිංහ මහත්මිය තමාටද ද්විත්ව පුරවැසි චෝදනාවක් එල්ල කරමින් තමන්ගේ මන්ත්‍රි ධුරයද අහෝසි කරමින් කල හිංසාව පිළිබඳව අදහස් දැක්වීමෙන් පසුව මෙම ඉල්ලීම ජනපතිවරයාගෙන් කරන ලදී.

තමා පක්ෂ පාට භේදයකින් තොරව මෙම ඉල්ලීම කරන බවත් තමන් සමග චිත්‍රපට රැසක රඟපෑ සහෝදර කලාකරුවෙකු වූ රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස තමා ඉල්ලා සිටින බව කුමාරසිංහ මහත්මිය සදහන් කරන ලදී.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායක මහතා මේ වන විට වසර හතරක 4 ක සිර දඬුවමක් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ විදිමින් සිටින අතර පසුගියදා ඔහුගේ මන්ත්‍රී ධූරය ද අහෝසි විය.

මේ වන විට සමගි ජන බලවේගය වෙනුවෙන් එහි නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක්ද කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 April 2021 12:48