May 02, 2024

රන්ජන් ජනාධිපති කොමිසමට රැගෙන එයි

February 17, 2022

බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතා අද(17) දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන අංශය වෙත කැඳවා තිබුණා.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති මෙම කොමිසම වෙත අද උදෑසන 9:30 වන විට රංජන් රාමනායක මහතා බන්ධනගාර බස් රථයකින් එම නිලධාරීන් සමඟ පැමිණියා.

මෙම විශේෂ ජනාධිපති කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ලෙස ක්‍රියාත්මක වනවා.

2020 ජනාධිපතිවරයා විසින් පත් කර ඇති උපාලි අබේරත්න කොමිසම අනුව එහි පැමිණිලි හයක වග වගඋත්තරකරුවෙකු ලෙසයි රංජන් රාමනායක මහතා මෙම කොමිසමට කැඳවා තිබෙන්නේ.

රන්ජන් රාමනායක මහතාගෙන් මෙම කොමිසම පැය හතරක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිසක් විජේගුණවර්ධන මහතා මාධ්‍ය වෙත මෙහිදී කරුණු පැහැදිලි කළා.

උපාලි අබේරත්න කොමිසම විසින් ඉදිරිපත් කර ඇති මෙම පැමිණිලි 6 සම්බන්ධව රන්ජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට දින තුනක කාලයක් කොමිසම විසින් ලබාදී තිබෙනවා.

ඒ අනුව හෙට සහ අනිද්දා දිනයේත් රන්ජන් රාමනායක මහතා මෙම කොමිසමට කැඳවා තිබෙනවා.

දේශපාලන පලිගැනීම් පිළිබද ව මෙම කොමිසම මගින් විමර්ශනය කෙරෙනවා.

Rate this item
(0 votes)