May 02, 2024

"යොහානි මගේ මැණික ඔ‌බේ ජනප්‍රියතාව දේශපාලනයට දෙන්න එපා" - ගිතාගෙන් උපදෙසක් (VIDEO)

ලෝකයේම කතාබහට ලක්ව ඇති "මැණිකේ මගේ හිතේ"  ගීතය ගායනා කරන යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනිය සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය යොහානි ද සිල්වා ගෙන් ඉල්ලීමක් සිදු කළා.

"යොහානි ද සිල්වා ඉන්දියාවම හෙල්ලුවා. මෙතන ඉන්න සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන් මාත් එක්ක එකතු වෙන්න, ඇය මේ රටට ගෙනාවේ ලොකු කීර්තියක්. හැබැයි මම කියනවා යොහානි මගේ මැණික, ඔබේ ජනප්‍රියතාවය දේශපාලනයට දෙන්න එපා. මොකද ඒක භයානකයි," යනුවෙන් සඳහන් කළා.

මේ අතර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) කවියකින් සුබ පැතුම් එක් කිරීම සිදු කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 October 2021 17:50