May 17, 2024

යොහානි ගැන කැබිනට් තීන්දුවක්! කොළඹින් සුපිරි ඉඩමක් Featured

December 21, 2021

නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමව තිබෙනවා.

ඒ අනුව ඇයට බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවත ප්‍රදේශයෙන් පර්චස් 9.68ක බිම් කොටසක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසූවේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් 1996 වසරේ ක්‍රිකට් ලෝක ශූරයන් සඳහා බිම් කොටස් ලබා දුන් ප්‍රදේශයට යාබඳව එම බිම් කොටස ලබාදීමට නියමිත බවයි.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවක ට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවු බවයි අමාත්‍යවරයා පැවසූවේ.

Rate this item
(0 votes)