May 17, 2024

"මැණිකේ මගේ හිතේ" සිංදුවට සුද්දෝ දාපු ඩාන්ස් එක (VIDEO)

යොහානි ද සිල්වා කියලා කිවුවාම මේ වනවිට අපේ රටේ මෙන්ම ලෝකයේම නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඉතාම කෙටි කාලයකින් ලංකාවේ නම ලොවක් ඉදිරියට රැගෙන ගිය ඇය ගායනා කළ මැනිකේ මගේ හිතේ ගීතය මේ වන විට ලෝකයේම ගීත දර්ශකවල ජනප්‍රියම ගීත පහ අතරටද පැමිණ හමාරයි.

ඉතින් ඒ වගේම ඇයට බොලිවුඩ් චිත්‍රපටයක ගීතයක් ගායනා කිරීමටද මේ වනවිට වාසනාව හිමි වෙලා තියෙනවා. ඉතින් ඒ සමඟම ඇයට ඉන්දියානු ප්‍රසංග වේදිකාවේද දොරටු විවර වෙමින් ඉන්දියානු ප්‍රසංග දෙකක්ද පැවැත්වීමට හැකියාව ලැබුණා.

ඉන්දියාවේ රැල්ලක් බවට පත්වුණු ලංකාවේ මැණිකේ මගේ හිතේ ගීතය නිසා යොහානි ඉන්දීය රසිකයන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණා. 

ඒ වගේම “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වනවිට ඉන්දියාවේ දේශපාලන වේදිකාව තුළ ද ජනප්‍රිය ගීතයක් බවට පත්ව තිබෙනවා.

ඒ ඉන්දියාවේ පාලක පක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂයේ මැතිවරණ ප්‍රචාරණ නව ගීතය ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහාන් ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයේ තනුවට අනුව නිර්මාණ කර තිබෙනවා.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හරි අපුරු වීඩියෝවක් හුවමාරු වෙනවා. ඒ දුම්රිය නැවතුම්පලකදී තරුණයන් පිරිසක් විසින් “මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කරනකොට විදේශීය යුවලක් එයට නර්තනයේ යෙදෙන අයුරුයි.

දුම්රිය මැදිරියෙහි විනෝදයෙන් ගීත ගායනා කරමින් සිටි මෙරට තරුණ පිරිසක් සමගින් මෙම විදේශීය යුවළ සිය සතුට නර්තනයෙන් බෙදා ගන්නා වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)