May 17, 2024

ජිවන බර තවත් වැඩි වෙයි - ඉන්ධන මිලෙන් ජනතාව කබලෙන් ලිපට Featured

December 21, 2021

හදිසියේම අද සිට ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ ජනතාවවට ජිවත් වීමේ අපහසුව තවත් වැඩි වී තිබෙනවා. මේ වන විටත් එළවලු, සහල් මිල වැඩි වීම  මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීම සහ ගෑස් පිපිරීමේ අර්බුධයට ලක් වීම නිසා ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. එවන් අවස්ථාවක ඉන්ධන මිල ඉහල දැමීම සමඟ තවත් භාණ්ඩ හා සේවා රැසක මිල ඉහල යාමට නියමිතව තිබෙනවා. ඒ අනුව බේකරි නිෂ්පාදන, බස් ගාස්තු ඇතුළු ප්‍රවාහන ගාස්තු ඉහල යාම හේතුවෙන් භාණ්ඩ රැසක මිල ගණන් ඉහල දැමීමට සිදු වන බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ත්‍රිරෝද රථ මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 50ක ගාස්තුව රුපියල් 80ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරියේදී දැඩි ජිවත් වීමේ අර්බුධයකට ලක් වීමට සිදු වන බව තහවුරු වෙමින් පවතිනවා. 

ඉන්ධන මිල සංශෝධනය 

සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බවත් සමස්ත බස් ගාස්තුව සියයට 25 කින් ඉහළ දැමිය යුතු බවත්ය.

පසුගිය දින කිහිපයේම වෙළඳපොලේ එළවලු මිල ගණන් අඛණ්ඩව ඉහළ ගියා. එමඟින් ජනතාව දැඩි අසීරුතාවයක ද පත් වුණා. මේ සම්බන්ධයෙන් ගොවින් සඳහන් කර සිටියේ පොහොර ගැටලුව නිසා සිය වගාවන් සිදු කර ගැනීම අසීරු වී ඇති බවයි. කෙසේවෙතත් පසුගිය දින කිහිපයේම එළවළු මිල ගණන් ඉහල යාමක් දක්නට ලැබුණා.

අප වාර්තාකරුවන් වෙත ජනතාව අදහස් දක්වමින් සඳහන් කලේ මෙලෙසයි.

"එළවළු නම් ගණන්."

"එළවළු මිල ඉහලයි."

"ලාභයි කියලා ආවට ගණන් ටිකක්. පිට තැන වල වගේම ගණන්."

"ගණන් කියන්නේ හොඳටම ගණන්."

ගෑස් හිගවීම සහ පිපිරීම හේතුකොට ගෙන පාරිභෝගික ජනතාව ගෑස් පාවිච්චියද අතහැර දමා තිබෙනවා. එම නිසා මේ දිනවල භූමිතෙල් සදහා විශාල ඉල්ලුමක් ඇති වී ඇති අතර දිගු භූමිතෙල් පෝලිම්ද දැකගන්න ලැබුණා. මේ අනුව අද දින ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් ජනතාව තවත් අසිරුතාවයට පත් වෙලා තියෙනවා. එම හේතුව නිසා භූමිතෙල් භාවිතා කරන ජනතාවට භූමිතෙල් භාවිතා කිරීමට නොහැකි තත්වයක් ද උදා වී තිබෙනවා. 

ඊයේ (20) දින මධ්‍යම රාත්‍රියේ සිට රජය මගින් ඉන්ධන මිල වැඩි කිරිමත් සමග හැටන් ප්‍රදේශයේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල නව මිල දත්ත පද්ධතියට ඇතුලත් නොකිරිම නිසා එම ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන නිකුත් නොකරන අයුරුද අප කැමරාවේ සටහන් වුණා.

රථ වාහන තදබදය අවම කිරිම සදහා ඉන්ධන මිල වැඩි කරන බවට රජය මගින් කල ප්‍රකාශය කිසිසෙත් පිලිගත නොහැකි බවත්, ඉන්ධන මිල වැඩි විම හමුවේ ත්‍රිරෝද රථ ගාස්තුද වැඩි කිරිමට සිදු වන බවයි හැටන් ප්‍රදේශයේ කුලි ත්‍රිරෝද රථ හිමියන් පවසන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 13:40