May 12, 2024

ශ‍්‍රී ලංකාව නයිජීරියාවෙන් ණය ඉල්ලයි

December 21, 2021

දීර්ඝකාලීන ණය පදනම මත ශ්‍රී ලංකාවට බොරතෙල් සපයා දෙන ලෙස නයිජීරියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ මෙරට නයිජීරියානු තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලිම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොර තෙල් දිගු කාලීන ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයකට පත්ව සිටිනවා.

ඉන්ධන දීර්ඝකාලීන ණය පදනම් මත ඉන්ධන ලබා ගැනීමට රටවල් කිහිපයක් සමග සාකච්ඡා දැනටමත් පැවැත්වෙමින් තිබෙනවා.

මෙම හමුව බලශක්ති අමාත්‍යාංශයේ දී පැවති බව වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 23:45