May 02, 2024

ගීතාගෙන් අදෝනාවක් - මේ මනුස්සයත් මම කියන මොකුත් කරන්නේ නැහැ

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය තමන් නියෝජනය කරන රජයට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටී.

ඇය සිය නවතම චෝදනාව එල්ල කරන්නේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වන විලී ගමගේ මහතාටය.

දකුණු පළාතෙන් බාගයක් පාලනය කරන්නේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය තමන් ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීම් කිසිවක් ගණන් ගන්නේ නැති බවට චෝදනා කරයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා තමන්ට ඕන දේ පමණක් කරන බවද මන්ත්‍රිවරිය පෙන්වා දෙයි.

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාද මීට කලකට පෙර තමන් නියෝජනය කරන ආණ්ඩුව විවේචනය කළද ඔහු මේ වන විට නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 12:39

Related items