May 02, 2024

බළලා මල්ලෙන් එලියට : ඩලස්ට විදුලි බලයෙන් යන්න වූනේ ඇයි ?

September 26, 2021

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාට හිටි හැටියේම විදුලි බල අමාත්‍ය ධූරය අහිමි වීමට බලපෑ හේතුව කුමක්දැයි හෙළිදරව් වෙමින් තිබෙනවා.

එම අමාත්‍යධුරය හිටිහැටියෙම ප්‍රවාහන අමාත්‍ය ධුරය දරමින් සිටී ගාමිණි ලොකුගේ මහතාට ලබා දුන්නා.

මතභේදාත්මක කොටස් අලවිය

මතභේදාත්මක කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ කොටස් ප්‍රමාණයක් ලබාදී ආයෝජකයන් ගෙන්වාගැනීමේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබුණේ අලහප්පෙරුම අමාත්‍යවරයා විදුලිබල අමාත්‍ය ධුරය දරද්දී බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඒ අනුව අලහප්පෙරුම අමාත්‍යවරයා විවෘත වෙළෙඳ පොළ ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

ඒ අනුව සුදුසුකම් සැපිරූ දකුණු කොරියානු හා චීන සමාගම් දෙකක් තෝරාගෙන තිබෙන අතර එම සමාගම් අතරට මේ වන විට යුගදනව් බලාගාරයේ කොටස් 40% ක් මිලට ගෙන තිබෙන ඇමරිකානු සමාගමද තිබූ බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඇමරිකානු සමාගම ඉවතට

එම සමාගම් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති අතර කුමන හෝ හේතුවකට ඇමරිකන් සමාගමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී නැහැ.

මෙම සිද්ධි දාමය සමගම අලහප්පෙරුම අමාත්‍යවරයාගෙන් විදුලිබල අමාත්‍ය ධුරය ඉවත් කර එය ලොකුගේ අමාත්‍යවරයාට ලබා දුන්නා පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරය දරද්දී විදුලිබල අමාත්‍යාංශයේ ඉහල ධුරයක් දැරූ ෆර්ඩිනැන්ඩෝ මහතාව යළිත් අමාත්‍යංශ ලේකම් ධූරයටත් පත් කළා.

යුගදනවි බලාගාරයේ කොටස් කඩිමුඩියේ ඇමරිකානු සමාගමකට ලබා දුන්නේ ඉන් අනතුරුවයි.

මාගම්පුර වරාය

යහ පාලන ආණ්ඩු සමයේද හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට ලබා දීමේ කටයුත්ත එවකට සිටි වරාය ඇමති ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් සිදු නොකිරීම නිසා එම ධූරයට මහින්ද සමරසිංහ මහතා දමා ඉතා කෙටි කලක් තුළ මාගම්පුර වරාය චීනයට ලබා දුන්නා.

යුගදනවි බලාගාරය ඇමරිකාවේ සමාගමකට ලබාදීමද ඒ හා සමාන ආකාරයට සිදුව ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

Rate this item
(2 votes)
Last modified on Sunday, 26 September 2021 13:00

Related items