May 02, 2024

ඇමති ඩලස්, නිලීකාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

September 09, 2021

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

අමාත්‍යවරයා විසින් තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ මලවිගේ මහත්මිය විසින් සිදුකරන ලද දේශණයක් විකෘති කර පළ කිරීම සම්බන්ධයෙන් ඇයට සිදුවු සිත් වේදනාව තමන් අවබෝධ කරගත් බවයි.

එනිසා සියලු ජනමාධ්‍ය මිත්‍රයන් වෙනුවෙන් තමන් පුද්ගලිකව ඇය අමතා සමාව ඉල්ලූ බවද ඔහු කියා සිටිනවා.

ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සිදු කළ ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදුවූ හානිය පිළිබද සමාව ඉල්ලා සිටි බවයි. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ පල කළ සටහන පහතින්,

No description available.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 September 2021 14:23

Related items