May 02, 2024

රාජ්‍ය මාධ්‍ය බංකොලොත්! රජයට දරාගන්න බෑ - ඊලඟ තීන්දුව ගැන ඇමති ඩලස් කියයි

එක් රජයේ මාධ්‍ය ආයතනයක් නඩත්තු කිරීමට මාසයකට රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැයවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

රජයේ මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කළ යුතු වන  බව මෙහිදී පැවැසූ ජනමාධ්‍ය ඇමැතිවරයා රාජ්‍ය මාධ්‍යයන් තුළ නිර්මාණශීලීත්වයේ පසුබෑමක් පවතින බව තමා පිළිගන්නා බවද සඳහන් කළා.

එය නිවැරදි කිරීමට කඩිනමින් පියවර ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ අතර රූපවාහිනී නාලිකාවන්හි ප්‍රචණ්ඩකාරි සහ ළමයින්ට නොගැලපෙන අන්තර්ගතයන් සහිත චිත්‍රපට ප්‍රචාරය වන බැවින් ඒවා ප්‍රචාරය සඳහා සුදුසු ගුවන් කාලයන් නිර්දේශ කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡා කෙරිණ.

පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමේදී  ඉතා වැදගත් කරුණු මගහැරෙන හෙයින් පාර්ලිමේන්තුව තුළ සිදුවන රටට වැදගත් අණ පනත් ඉදිරිපත් කිරීම්, සම්මත කිරීම් මෙන්ම වැදගත් විවාද ආදිය ඇතුළත් කොට විශේෂ වැඩසටහනක් විකාශය කිරීමේ අවශ්‍යතාව මෙහිදී ‍සාකච්ඡාවට ලක් විය.

Rate this item
(0 votes)

Related items