April 28, 2024

ඩලස්, රමේෂ්, උදයට අගමැතිගෙන් හදිසි කැඳවීමක්! කැබිනට් මාධ්‍ය හමුවත් අවලංගු කරයි

December 14, 2021

කැබිනට් ප්‍රකාශවරුන් ලෙස කටයුතු කරන රමේෂ් පතිරණ, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හදිසි කැඳවීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව අද(14) පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේ පැවැත්වෙන අත්‍යාවශ්‍ය සාකච්ඡාවකට සහභාගී වන ලෙස අගමැතිවරයා දන්වා තිබෙනවා.

මේ හේතුවෙන් අද පෙරවරු 10.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් මාධ්‍ය හමුවද අවලංගු කර තිබෙනවා.

ලබන සතියේ සුපුරුදු පරිදි කැබිනට් මාධ්‍ය හමුව පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Rate this item
(2 votes)