May 02, 2024

වාසු - කෙහෙලිය සීතල යුද්ධයක: ඩලස් දාපු එක හරි - එතන වැටිලයි තිබුණේ

September 14, 2021

කැරලිකාර ඇමති තුන් කට්ටුවේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන් මේ දවස්වල දැඩි නිහඬතාවය ඉන්නේ.

ඒත් වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා නම් එසේ නැහැ.

තීරණය නිවැරදියි

ඔහු පසුගිය සති අන්ත ජාතික පුවත් පතක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ඩලස් අලහප්පෙරුම මහතාට ලබා දීම පිළිබඳව අදහස් දක්වා තිබුණා.

නානයක්කාර අමාත්‍යවරයා කියන්නේ ඩලස් අලහප්පෙරුම මහතා ඉතා දක්ෂ දේශපාලනඥයෙක් බවයි. ඔහුව විදුලිබල ඇමති කමින් ඉවත් කර ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට පත් කිරීම ඉතා කාලෝචිත බවයි.

ඊට හේතුව ලෙස නානයක්කාර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ බරපතළ දුර්වලකමක් තිබුණා කියායි.

දුර්වල වැඩ පිළිවෙල

රජය කරන දේවල් හරියට ජනතාව අතරට ගියේ නැති බවයි ඒ දුර්වලකම ලෙස නානයක්කාර මහතා පෙන්වා දෙන්නේ.

ඒ කටයුත්තට සුදුසුම කෙනා ඩලස් අලහප්පෙරුම මහතා බව නානයක්කාර අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ ඔහුට ව්‍යාක්ත සන්නිවේදන හැකියාවකුත් තිබෙන බව සඳහන් කරමින්.

ඒ නිසා එම තීන්දුව ජනපතිවරයා ගැනීම ගැන තමා සතුටු වන බව නානයක්කාර අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යධුරය එතෙක් දැරූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අසාර්ථකත්වය නොකියා කියමින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 September 2021 09:08