May 17, 2024

ගීතා කුමාරසිංහට දොස්! රැස්වීමේ අවුලක්

February 18, 2021

ඇල්පිටිය ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැය පහකට ආසන්න කාලයක් පවත්වාගෙන යාම ගැන එහි සභාපතිනිය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට දොස් කියා රාජ්‍ය නිලධාරියෙක් ඊයේ (17) ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමෙන් පිටව ගියේය.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරායේදී මෙම රැස්වීම පැවැත්විණි.

පෙරවරු 10.00 ට පමණ ආරම්භ වූ රැස්වීමේ වැඩිම වේලාවක් ගතවූයේ 2021 ගම සමග පිළිසදරක් ව්‍යාපෘති යෝජනා අනුමතකර ගැනීම සදහා සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන හා නවීකරණ යෝජනා අනුමත කර ගැනීම සදහා සහකාර අධ්‍යක්ෂවරිය (සැලසුම්) විසින් කමිටුවට ඉදිරිපත් කළ යෝජනා හේතුවෙනි. ඒවා එකින් එක ගෙන ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ හා නිලධාරින්ගේ අදහස් විමසා ඒවා අනුමත කිරීම මෙහිදී සිදුවිය.

සියළු රාජ්‍ය ආයතනවල ගැටළු ප්‍රශ්න හා යෝජනා ගැන සාකච්චා කිරීමෙන් අනතුරුව සභාව අවසන් කිරීමට සූදානම්ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිලධාරියාගෙන් ඊට අයත් ඇල්පිටිය ප්‍රදේශයේ ඇති ඉඩම් පිළිබද වාර්තාවක් කමිටුවට ලබාදිය හැකිදැයි සභාපතිනි ගීතා කුමාරසිංහ මහත්මිය ඉල්ලා සිටියේය.

එම නිලධාරියාගෙන් කමිටු සභාපතිනිය කළ ඉල්ලිම ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට ඔහුට අසුන් ගන්නැයි සභාපතිනිය ඉල්ලා සිටිවිට තමන්ට තවත් කාරුණික ඉල්ලීමක් කිරීමට ඇතැයි පැවසූ ඔහු තමන්ගේ නමද පවසා පෙරවරු දහයේ සිට පස්වරු තුන දක්වා රාජ්‍ය නිලධාරින් මෙහි රදවා තබාගෙන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමග සාකච්චා කිරීම නොකළ යුතු බව පැවසීය.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරු ඔහුට දොස්නැගූ අතර පසුව ඔහු සභාපතිනිය ඉදිරියට පැමිණ යළිත් ඊට දෝෂාරෝපනය කරමින් සභාවෙන් පිටව ගියේය. ඉන්පසු සභා රැස්වීමේ කටයුතුද නිමා විය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුද ඊට පෙර සභාව පවත්වාගෙන යන ආකාරය ගැන දොස් කියමින් සභාවෙන් පිටව යන අයුරු දැකගත හැකිවිය.

Rate this item
(0 votes)

Related items