May 17, 2024

"20ට පක්ෂව ඡන්දය දුන්නේ හිතට එකඟව නෙමේ - මගේ ඇමැතිකමත් කැපුවෙත් ඔය නෙලුම් කාර්යාලයෙන්" (VIDEO)

November 26, 2020

පොහොට්ටුවෙන් තමාට විශාල කැපිල්ලක් ඇති බවත් තමාගේ ඇමති ධුරයෙන් තමාව කැපුවේ නෙලුම් මාවතෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

එලෙස තමාව කැපුවේ කවුද යන්න තමා දන්නා බවත් වෙලාව පැමිණි විට ඒ ගැන කියන බවද ඒ මහත්මිය සඳහන් කළාය.

අදටද තමන්ට විරුද්ධව කැපිල්ල ක්‍රියාත්මක වන බවත් පාර්ලිමේන්තුවේ කතා කිරීමවත් කාලය ලබා නොදෙන බවත් ඒ හේතුවෙන් තමන් මානසික ආතතියට ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇය සඳහන් කරන්නීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමන් ඡන්දය දුන්නේ හිතට එකඟ නොවන බවද ඇය සඳහන් කරන්නීය.

රමේෂ් පතිරණ මහතා ඇතුලු ගාල්ලේ කණ්ඩායම තමාව පරාජය කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටි බවත් අදත් රමේෂ් පතිරණ මහතා තමාට දේශපාලනය සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ඇය පවසයි.

තම නිවසේ ගෑස් උදුන ඇර තමාව ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කල බව සඳහන් කරන ඇය වැඩිදුරටත් සඳහන් කලේ තමාගේ ඇගේ තවම පිළිස්සුනු කැළැල් ඇති බවය.

තමා මානසික පීඩනයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා තැනට මැතිවරණ සමයේදී පත් වුණු බවද ඇය සඳහන් කළාය.

තමාට දේශපාලනය නිසා තම ස්වාමියා සහ දරුවන් අහිමි වූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පල කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 November 2020 11:45

Related items