May 02, 2024

ගම්පහ ජනතාව ඇදිරි නීතියෙන් බඩගින්නේ - කොරෝනා නොව බඩගින්නේ ඔවුන් මැරෙයි

දැනට ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අත්‍යවශ්‍ය මූලික පහසුකම් හෝ ලබා දීමට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

එම ප්‍රදේශවල ජීවත් වන දුප්පත් ජනතාව දින ගණනකට ආහාර ආහාර ගබඩා කර ගන්නේ නැති බවත් ඔවුන් දිනකට දෙකකට අවශ්‍ය පමණක් ආහාර එදිනෙදා මිලට ගන්නා බවත් ඔහු පවසයි.

මේ නිසා එම ජනතාව දින ගනණක් බඩගින්නේ සිටින බවත් ඒ අනුව ඔවුන් මිය යනු ඇත්තේ කොරෝනා වලින් නොව බඩගින්නේ බවත් ඔහු කියා සිටියේය.

මෙම පීඩනය තව දුරටත් ජනතාව නොඉවසනු ඇති බවත් ඇදිරි නීතිය නොතකා වෙලදසැල් කඩා භාණ්ඩ ලබා ගනු ඇති බවත් ඔහු පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මුළු ගම්පහ දිස්ත්‍රික්කය වහාම ඇඳිරි නීතිය පනවා ජනතාව බේරාගත යුතු බවයි.

Rate this item
(0 votes)