May 02, 2024

ඉල්ලා අස් කළ නඩු ගැන අහන්න මන්ත්‍රී පිරිසක් අල්ලස් කොමිසමට

November 08, 2021

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අද (08) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ සිටියා.

ඒ අල්ලස් කොමිසම මඟින් පසුගිය කාලය තුළ ඉල්ලා අස්කරගත් නඩු පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත අනුව තොරතුරු දැනගැනීම සඳහායි. 

අල්ලස් කොමිසම වෙත පැමිණි මන්ත්‍රීවරු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලිපියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී අදාළ තොරතුරු ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටි සමගි ජන බලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා, 

"අල්ලස් කොමිසමක් හදලා තියෙන්නේ අල්ලස් ගත්ත අයට නඩු පවරලා දඬුවම් දෙන්න. හැබැයි දැන් මේ අල්ලස් කොමිසමෙන් සිදුවන්නේ ඊට විරුද්ධ දේ. ඒ කියන්නේ අල්ලස් අරගෙන අල්ලස් කොමිසමෙන් අල්ලස් ගත්ත රාජපක්ෂ ආණ්ඩුවට හිතවත් මැති ඇමතිවරු, හිටපු සභාපතිවරු සියලුදෙනාගේ නඩු ඉල්ලා අස්කර ගන්න එක තමයි කරන්නේ. අල්ලස් කොමිසමේ අපි දන්න තරමට ඒක නෙමෙයිනේ. හොරු ටික අල්ලලා ඇතුළට දාලා මේ ස්වාධීනත්වය ඉදිරියට ගෙන යන එක නෙමෙයි වෙන්නේ, අල්ලස් කොමිසම අද රාජපක්ෂ ආණ්ඩුවට හිතවත් අයගේ නඩු ටික ඉල්ලා අස්කර ගෙන තාක්ෂික දෝෂ කියනවා. එහෙම තත්ත්වයක් තියෙනවා නම් එය නිවැරදි කරලා නැවත නඩු දාන්න ඕනේ. මෙය මෙරට මුළු මහත් ජනතාවගේ ම අයිතිය උල්ලංඝනය කිරීමක්. පාර්ලිමේන්තුවෙන් පනතක් ඇති කරලා, අල්ලස් කොමිසමට බලය ලබාදීලා තියෙන්නේ ඒ රාජකාරිය ස්වාධීනව ඉටුකරන්න."

Rate this item
(0 votes)