April 27, 2024

ආණ්ඩුවේ මන්ත්‍රීන්ට, ගෝලබාලයන්ට හම්බ කර ගන්න අයවැයෙන් 35%ක් වෙන් කරලා

November 13, 2021

ආණ්ඩුවේ මන්ත්‍රීන්ට, ගෝලබාලයන්ට හම්බ කර ගන්න අයවැයෙන් 35%ක් වෙන් කර ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ආණ්ඩුවට ජනතාවට සහනාධාර ලබා දීමේ හැකියාවක් නැති බවත් පෞද්ගලික අංශය පවා අසරණ තත්වයකට පත් වී ඇති බවත් සඳහන් කරනවා.

කොවිඩ් වසංගත තත්වය නිසා අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම අඩපණ වී ඇති බවත් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය නිසි ලෙස කර ගැනීමට නොහැකි වී ඇති බවත් පවසනවා.

කොළඹ ජීවත් වන සමහර දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවශ්‍ය දුරකථන නොමැති බවත් ආණ්ඩුව අධ්‍යාපනයට අයවැයෙන් වෙන් කළ මුදල ඉතා අඩු බවද සඳහන් කරනවා.

අධ්‍යාපනයට, සෞඛ්‍යට, කෘෂිකර්මයට අයවැයෙන් මුදල් වෙන් නොකොට පාලම් සෑදීමට, කාපට් කිරීමට 35%ක් පමණ වෙන් කර ඇති බවද පවසනවා.

එලෙස පාලම් සෑදීමට, කාපට් කිරීමට 35%ක මුදලක් වෙන් කරන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට, ආණ්ඩුවේ ගෝලබාලයන්ට හම්බ කර ගැනීමට බවත් පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 November 2021 16:40