May 02, 2024

ඔයාගේ අරකත් ජනපති ගලවලා : මුජුබර් රහුමාන් - මම කැමැත්තෙන් ගලවලා දුන්නේ : අලි ෂබ්රි

December 09, 2021

අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා යටතේ තිබූ ආයතනයක් ඔහුගෙන් ඉවත් කර ඇති බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කලා.

ඒ මහා භාරකාර අරමුදලයි.

ගැසට් පත්‍රිකාව

ජනපතිවරයා අති විශේෂ ගැසට් පත්‍රිකාවක් මගින් මහා භාරකාර අරමුදල අධිකරණ අමාත්‍යාංශ විෂය පථයෙන් ඉවත් කොට අග්‍රාමාත්‍යවරයා යටතට පත්කළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එසේ කළේ 2021 දෙසැම්බර් 2 වැනි දින බවයි මන්ත්‍රීවරයා හෙළි කළේ.

"ඔබ දන්නෙත් නැතුව ඔබේ එකක් ගලවලා , දන්නවාදැයි " යයි එහිදී රහුමන් මන්ත්‍රීවරයා සභාවේ සිටි අලි ෂබ්රි ඇමතිවරයා අමතා ප්‍රශ්න කලා.

ඇමතිගේ ප්‍රතිචාරය

ඊට පිළිතුරු දෙමින් අලි ෂබ්රි අමාත්‍යවරයා සඳහන් කළේ තම කැමැත්තෙන් එය දුන් බවයි.

අමාත්‍යවරයාගේ එම අදහසට යළිත් පිළිතුරු දෙමින් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේ තව ටික දවසක් යනකොට ඔබේ කලිසමයි , ෂර්ට් එකයි , කෝර්ට් එකයි ඔක්කොම ගලවලා දෙන්න වන බවයි.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අද (9) පැවති අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂ කාරක සභා විවාදයට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 December 2021 21:05

Related items