May 17, 2024

පොලීසියෙන් ඩ්‍රෝන මෙහෙයුමක් - රියදුරන්ට වැඩ වරදී Featured

December 10, 2021

කොළඹට උදෑසන පිවිසෙන වාහන තදබදය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙත කඩිනමින් සහන සැලසීම උදෙසා ජනාධිපතිවරයාගේ උපදෙසින්, මහජන  ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ දින (09) කොළඹ නගරයේ ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී දැනට පවතින වාහන තදබදය අවම කිරීම සදහා ගෙන ඇති පියවරයන්, ගතයුතු ක්‍රියාමාර්ග, පිළිබදව අමාත්‍යවරයා විසින් විශේෂ අවධානය යොමු කළා.

එසේම  සංඥා පුවරු, තාක්ෂණික උපකරණ භාවිතය සහ පොලිස් නිළධාරීන්ගේ කාර්යක්ෂමතාව  නැංවීම සදහා අවශ්‍ය පියවරයන් සම්බන්ධව, අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. දැනටමත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන කැමරා මගින් ස්ථාන 09කින් රථවාහන තදබදය පිළිබද නිරීක්ෂණය මගින් ලබාදෙන සහාය පිළිබදව අමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා.

එසේම රථවාහන රියදුරන්ගේ අවනීත බව නිසා මාර්ග තදබදය වැඩිවීමට හේතුවන කාරණා සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා විසින් මෙහිදී පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දුන්නා. මෙම අවස්ථාව සදහා බස්නාහිර  පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 December 2021 20:59