May 01, 2024

ආණ්ඩුවෙන් නව මිල සූත්‍රයක්

September 29, 2021

රජය නව මිල සූත්‍රයක් හඳුන්වා දී ඇති බවට අනාවරණයක් සමගි ජන බලවේගය කරනවා.

එම අනාවරණය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින්.

පියවර තුනක්

මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ එම මිල සූත්‍රය පියවර තුනකින් ක්‍රියාත්මක වන බවයි.

ඉන් පළමුවැන්න බඩු සැඟවීම.

දෙවැන්න සැඟ වූ බඩු සොයා ගැනීම.

තුන්වැන්න සොයා ගත් බඩු වැඩි මිලට විකිණීම.

මිල සූත්‍රයේ වාසිය

ආණ්ඩුව මෙම මිල සූත්‍රයෙන් ලාභ ලබන පිරිස ගැනද හෙළිදරව්වක් මන්ත්‍රීවරයා කරනවා.

එම පිරිස ආණ්ඩුවේ ගජ මිතුරු ව්‍යාපාරිකයින් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මිල සූත්‍රය ප්‍රසිද්ධියට පත් වූයේ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා නිසා.

ඔහු මුදල් අමාත්‍ය ධුරය දරද්දී තෙල් සඳහා මතභේදාත්මක මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 September 2021 21:29

Related items