May 02, 2024

ආදාහනාගාර කැඩී යයි! සිරුරු ආදාහනයට පොරොත්තු ලේඛනයක්!! (VIDEO)

ඉතාමත් දරුණු තත්ත්වයකට රට පත්ව ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා පවසා සිටිනවා.

සෑම පැයකදීම අප අඳුරන අයෙක් ආසාදිතයෙකු බවට පත්ව ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසා සිටියේ එම ආසාදිතයන්ට රෝහල් පහසුකම් ලබාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

 අද වන විට රෝහල්වලින් ඇඳක් පෞද්ගලිකව මුදල් ගෙවා හෝ ලබාගැනීමට නොහැකි තත්ත්වකට අද රට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා අනාවරණය කළා.

“ඒ විතරක් නෙමෙයි, කොච්චර නම් අපහසුතාවයකට පත් වෙලා තියෙනවද කියනවා නම්, මරණ සංඛ්‍යාව කොච්චර වශයෙන් වැඩි වෙලා තියෙනවද කියනවා නම් අද ආදාහනාගාරවලට වෙයිටින් ලිස්ට් එකක් තියෙනවා. රෝහල්වලට යන්න පමණක් නෙමෙයි, රෝහල්වලින් මිය ගිහිල්ලා, ගෙවල්වල මිය ගිහිල්ලා අද ඒ මිනී ටික පුච්චන්න බැරි වෙලා තියෙනවා.  අද මිනී පුච්චන ආදාහනාගාර කැඩිලා තියෙනවා ඒ තරම් මිනී පුච්චලා. මම ඉතා වගකීමෙන් කියන්නේ අද ආදාහනාගාරවලට වෙයිටින් ලිස්ට් එකක් තියෙනවා පොරොත්තු ලේඛනයක් තියෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ…” ලෙසින්ද මන්ත්‍රීවරයා පවසා සිටියා.  

ඔහු මේ බව අනාවරණය කර සිටියේ ඊයේ (11) දිනයේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මන්ත්‍රීවරයා දැක්වූ සම්පුර්ණ අදහස පහත වීඩියෝවෙන්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 August 2021 08:17