May 02, 2024

දේශපාලන ගණිකාවන් පාර්ලිමේන්තු එවන්න එපා - ඩයනාගේ කතාවෙන් පසු හර්ෂණ රාජකරුණා කියයි

මුදලට හා මස් කටු වලට යට වන දේශපාලන ගණිකාවන් ඊළඟ මැතිවරණ වලදීවත් පාර්ලිමේන්තුවට නොයවන ලෙස තමන් ජන්දදායකයින්ගෙන් ඉල්ලන බව සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනට පක්ෂව ජන්දය දුන් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඉලක්ක කරගෙන ඔහු එම ප්‍රකාශය කරන ලදී.

රාජකරුණා මහතා මෙම ප්‍රකාශය කිරීමට පෙර සභාව ඇමතුවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ජන්දය දුන් සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් වන ඩයනා ගමගේ මහත්මිය වීම විශේෂත්වයකි.

Rate this item
(3 votes)
Last modified on Friday, 23 October 2020 15:12

Related items