May 17, 2024

කිසිදු ඇගයීමකට ලක් නොවුණත්, නොරොච්චෝලේ විදුලිබල සේවකයින් කොවිඩ් 19 සමයේ ඉටුකළ සේවය ප්‍රශංසනීයයි

"ජාතික වටිනාකම අතින් අද මෙම නොරොච්චෝල බලාගාරය ඉතාමත් වැදගත් තැනකයි තිබෙන්නේ. ලක්විජය නොතිබුණානම් අද මේ රටේ විදුලිබල ක්ෂේත්‍රයට මොකද වෙන්නේ කියලා අපි හිතන්න ඕන. විශේෂයේම කොවිඩ් 19 සමයේ, පැය 24ම රටේ ඇදිරි නීතිය පැවතුන සමයක, වගකීම මැනින්ම ඉටුකල පිරිසක් හැටියට නොරොච්චෝල බලාගාරයේ සියළුම පිරිස හදුන්වන්න පුළුවන්. ඒ සමයේ ඒ වගේ කැපවීම් කළ පිරිස් නොයෙක් අයුරින් ඇගයීමට පාත්‍රවුණා. නමුත් එවැනි කිසිම ඇගයීමක් නොමැතිවම ඔබ විසින් රටට කළ කැපවීමට, සේවයට ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ රජයේ ස්තුතිය පුදකරන්න මෙය අවස්ථාවක් කරගන්නවා "යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පැවසීය.

අනාගත විදුලි ජනන අවශ්‍යතාවය සපුරාලීම රටේ ආර්ථිකයට, පරිසරයට මෙන්ම සමාජ පද්දතීන් කිසිවක් දහනය නොකරමින් ලගාකර ගැනීම අභියෝගයක් සේ බාරගන්නා බවත්, ඒ සදහා තිරසාර සංවර්ධන අරමුණු ඔස්සේ විසදුම් ලබාදෙන බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  මෙහිදී වැඩිදුරටත් පැවසීය.

පසුගිය අගෝස්තු 11 දින දිවයිනේ ඇතිවූ හදිසි විදුලි බිදවැටිම නොරොච්චෝල බලාගාරයට බලපෑ ආකාරයත්, බලාගාර සංකීර්ණයක් ලෙස  එවන් තත්ත්වයකට මුහුණදීම  සදහා ගෙන තිබෙන තාක්ෂණික ආරක්ෂක ක්‍රම පිළිබදවත් අමාත්‍යවරයා බලාගාර නිලධාරීන්ගෙන් තොරතුරු විමසීය.

විශාල ජල විදුලි ප්‍රභවයන් සියල්ලම පාහේ ජාතික විදුලි ජනන පද්ධතියට එකතුවී ඇති තත්ත්වයක් යටතේ නොරොච්චෝල සංකීර්ණයේ 4 වන බලාගාරයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ඇතිවිය හැකි සමාජ හා පාරිසරික ගැටළු පිලිබදවත් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා දිර්ඝ ලෙස සාකච්ඡා කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ශ්‍රී ලංකාවේ දෛනික විදුලිබල ඉල්ලුමෙන් 40% - 45% ක් පමණ ප්‍රතිශතයක් සපුරාදෙමින් මෙගාවොට් 900 ක විදුලිබළ සැපයුමක් ජාතික පද්ධතියට එක්කරන නොරොච්චෝල  ගල් අගුරු බලාගාරයේ පසුගියදා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද මෙම චාරිකාවට එක්විය.

Rate this item
(0 votes)

Related items