May 17, 2024

'එක මෙගා ඩීල් එකක්වත් ඔප්පු කරලා නෑ' - ගම්මන්පිල

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී සිදුකළ බවට චෝදනා නැඟූ මෙගා ඩීල් කිසිවක් ඔප්පු කර පෙන්වීමට වත්මන් ආණ්ඩුවට නොහැකිවී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) කොළඹ පැවති මාධ්‍ය හමවුකදීය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ බලයට පත්වී මාස 20ක් ගතවුව ද එම චෝදනා ගැන අඩු තරමින් නඩු පවරා විමර්ශනයක්වත් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වී ඇති බවයි.

පාඨලී චම්පික රණවක ඇමතිවරයා එදා අධිවේගී මාර්ගවල වටිනාකමින් සියයට 90ක්ම ඇත්තේ කොමිස් බවත්, ඉතිරි සියයට 10 පමණක් මාර්ගයේ වටිනාකම බවත් කී බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුව කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව ඊට වඩා වැඩි මුදලකට පරණ සමාගමටම භාර දී ඇතැයි පැවසීය.

තවද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී මෙගා ඩීල් බවට චෝදනා කළ නොරොච්චෝලේ විදුලි බලාගාරය, මත්තල ගුවන්තොටුපළ පිළිබඳව අඩු තරමින් විමර්ශනයක්වත් පවත්වා තිබේද යන්නත් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 August 2016 17:35