May 19, 2024

ගම්මන්පිලගේ පෙත්සම විභාගයට

පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් තමන්ව අත්අඩංගුවට ‍ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස  ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන දෙසැම්බර් මස 14 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දී තිබේ.

ඒ අනූව අදාල පෙත්සමෙහි වගඋත්තකරුවන් ලෙස නම්කර ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසකට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අද දින අධිකරණයෙන් නොතීසි නිකුත් කර ඇත.

ගම්මන්පිල මහතා මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත්තේ ප්‍රමාණවත් හේතු නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතීන් කඩ කර ඇති බවත් ඒ නිසාවෙන් තමන්ට වන්දියක් ගෙවන ලෙස ඔවුන්ට නියෝග කරන ලෙසත්ය.

ඒ අනූව අගවිනිසරු කේ. ශ්‍රී පවන් මහතා ඇතුළු විනිසුරු මඩුල්ල ලබන දෙසැම්බර් 14දා එය විභාගයට ගැනීමට තීරණය කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 July 2016 16:38