May 19, 2024

මංගලටත් විශ්වාසභංගයක්?

මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, මෙරටට විදෙස් විනිසුරුවරුන් ගෙන නොඑන බවට ජනාධිපතිවරයා පැහැදිලි ප්‍රකාශයක් දී තිබියදීත් විදේශ කටයුතු අමාත්‍යවරයා වෙනත් මතයක් දරන බවයි.

මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විදේශ විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසීමට ඉඩක් දීමට තමා කිසිසේත් සූදානම් නොමැති බව මෛත්‍රීපාල ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි පෙන්වා දෙන ගම්මන්පිල මහතා, එසේ තිබියදීත් විදේශ අමාත්‍යවරයා වෙනත් මතයක් දරන බවත් ඒ අනූව ඉදිරියේ දී විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ඇති හැකියාව සොයාබලන බවත්  කියාසිටියේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 July 2016 10:41