May 19, 2024

'හනුමා පාලම ඉදිකළොත් එය පුපුරුවනවා' - ගම්මන්පිල (VIDEO)

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 12වන ඉස්ලාමීය ආර්ථික සමුළුවට සහභාගීවන අමාත්‍ය කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන පාලමක් ඉදිකිරීම පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇති බව පිවිතුරු හෙ‍ළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙම පාලම  ඉදිකිරීමෙන් අනතුරුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන බව සඳහන් කළත් සත්‍ය වශයෙන් මෙහිදී යා වෙන්නේ උතුරු පළාත හා ඉන්දියාවේ තමිල්නාඩුව බවයි.

ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 50ක් බවත් ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 21ක් බවත් මේ මගින් සිදු වන්නේ ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන කොටස් ලංකාවට ගලාගෙන ඒමක් බවත් ඒ මහතා මෙහිදී කියාසිටියේය.

එමෙන්ම මේ මගින් තමිල්නාඩුවේ පිරිස් නොනවත්වාම උතුරට ගමන් කිරීමක් සිදු වන බවත් ඒ මගින් සිංහලයාට තම මව් රට, එනම් සිංහල ජනතාවට හිමි එකම රට අහිමිවීමේ අවදානමක් ඇතිවන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

ප්‍රශ්න ගණනාවකට තුඩු දෙන මෙම පාලම ඉන්දියාවට බයේ ඉදිකිරීමට කටයුතු නොකරන ලෙසත් එය ඉදිකරනවානම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යා යුතු බවත් ඒ මහතා කියාසිටී.

එමෙන්ම මෙම හනුමා පාලම ඉදිකළහොත් ජාතික ආරක්ෂාව නාමයෙන් එය පුපුරුවා දැමීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 05 August 2016 10:23