May 19, 2024

'හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්තා' - ගම්මන්පිලගෙන් අමුතු කතාවක්

නව මහ බැංකු අධිපතිවරයා ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විවිධ අදහස් පළකරන්නේ පසුගිය දින කිහිපයේ දී එක මතයකට පැමිණීමට නොහැකි වූ නිසා බව පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමම්න්පිල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ අද (05) පිටකෝට්ටේ පාගොඩ පාරේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දීය.

මහ බැංකු අධිපතිවරයා ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීම හොටු ගෑනි දී කැහිගෑනි ගත්තා වැනි ක්‍රියාවක් බව ද ගම්මන්පිල මහතා මෙහිදී කියාසිටියේය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, "ඒකාබද්ධ විපක්ෂය කියන්නේ තනි පක්ෂයක් නෙවෙයි. පක්ෂ සමූහයක එකතුවක්. සන්ධානයක්. එම සන්ධානය තුළ එකම කාරණය පිළිබඳ විවිධ මත තියෙන්න පුලුවන්. යම් අර්බුදයක් ආවාම මුලින්ම කරන්නේ ඒ ඒ පක්ෂවල මතය කියන එකයි. නව මහබැංකු අධිපතිවරයා ගැන මේ වනවිට ප්‍රකාශවෙලා තියෙන්නේ ඒ ඒ පක්ෂවල මතයයි. මේ සතියේ පැවැත්වෙන ඊළඟ පක්ෂ නායක රැස්වීමේ දී මේගැන වාද විවාද කරලා ඒකාබද්ධ විපකෂයේ මතය සකස් කරගන්න පුලුවන්." යැයි කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ගම්මන්පිල මහතා ප්‍රකාශකළේ "ඊට පස්සේ ඒකාබද්ධ විපක්ෂයේ මතය අපිට කියන්න පුලුවන්. පසුගිය සෙනසුරාදා මහ බැංකු අධිපතිවරයා පත්වීමෙන් පස්සේ මේ දක්වා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හමුවුණේ නෑ. පක්ෂ නායක රැස්වීමේදී පොදු මතයකට එන්න පුලුවන්. මහබැංකු අධිපතිවරයා පත් කළ දින සිට මේ දක්වා  කාලයේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රතිසංවිධාන කටයුතු කරමින් සිටියේ. විවිධ මත තිබීම ඉදිරි ගමනට බාධාවක් නෙවෙයි. ඒක හොඳ ලක්ෂණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ නිර්මාණශීලිත්වයේ ලක්ෂණයක්. තනි මතයක සිරවීම ඒකාධිපතිත්වයේ ලක්ෂණයක්ය" යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 July 2016 17:10