May 18, 2024

ඒකාබද්ධ විපක්ෂයේ 7ක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් (VIDEO)

ජූලි 28 වන දින වනවිට ඒකාබද්ධ විපක්ෂයේ හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මේ දිනවල විශේෂ විමර්ශන ඒකකය තමා රිමාන්ඩ් ගත කරන දෙවෙනි නිවාඩුවටද මේවන විට කටයුතු යොදමින් සිටින බවත් ඒකාබද්ධ විපක්ෂය විසින් සැලසුම් කර ඇති දැවැන්ත පාගමන ගොස් පැමිණි පසු ඒ විවේකය ගැනීමට අවස්ථාව දෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ ආණ්ඩුව බලයට පත්වන විට කියා සිටියේ මෙගා ඩීල් කාරයින් අල්ලන බව වුවද මේවන විට සිල්ලර කාරණාවලට ඇතුළට යවන තත්ත්වයක් උදාවී ඇතැයි ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.

බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ද රිමාන්ඩ් කරනු ලැබුවේ එවන් සිල්ලර කාරණාවන්ට බවත් බැසිල් රාජපක්ෂ මහතා විසින් දුන්නයි කියනු ලබන ජී.අයි පයිප්ප කාරණයද එවැන්නක් බවත් මන්ත්‍රීවරයා   වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 July 2016 10:56