May 13, 2024

'මහින්ද නඩු තීන්දුව වරදවා තේරුම් අරන්'

ඕනෑම දෙයකට යහපත් චේතනාවක් පැවතිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ චේතනාව නඩුවලින් බේරීමට ආණ්ඩුව පෙරලීම බවත් මේ වනවිට ඔවුන් විපක්ෂයේ වසරකට වැඩි කාලයක් සිටිය ද මහජනතාව වෙනුවෙන් වූ කිසිදු යෝජනාවක් නොගෙන ආ බවත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය අද (28) මහනුවර දී පැවැත්වීමට නියමිත පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමට පැවැත්වූ මාධ්‍ය හමුවේ දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, "නඩුවල පැටලිලා ඉන්න අය තමයි මේ ‍පෙලපාලිය මෙහෙයවන්නේ. මම දැක්කා සමහර නඩුවල පැටලිලා ඉන්න අය තමයි මිනිස්සු අරන් ඇවිත් තියෙන්නේ. ඉතිං මේක ජනතාව වෙනුවෙන් කරන ව්‍යාපාරයක් නෙවෙයි. චෝදනා වලින්, නඩුවලින් බේරෙන්න ආණ්ඩුව විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් තමයි මේ රැගෙන යන්නේ" ලෙසයි.

රජයේ ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකුට ඇතුල්වීමට තහනම් කර ඇති බවට ඊයේ (27) මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් විමසීමේදී එයට පිළිතුරදුන් අමාත්‍යවරයා කියාසිටියේ එලෙස ඇතුල්වීමට තහනම් නියෝගයක් නිකුත් කර නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතා එම නඩු තීන්දුව වරදවා තේරුම් ගෙන ඇති බවත්ය.

මහනුවර - කමල් සුරවීර

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 July 2016 14:54