May 12, 2024

'පාද යාත්‍රාවේ අරමුණ ශ්‍රිලනිපය බෙදීම නෙවෙයි'

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති පාද යාත්‍රාවේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් ඇති කිරීම නොවන බවත් පක්ෂය බේරාගැනීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

මෙම පාද යාත්‍රාව පිළිබඳ අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ කුමන දේ සිදුවුවත් පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියේ දී තීන්දු තීරණ ගන්නා බවයි.

මේ අතර සංචාරක  සංවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාගමනට එක්සත් ජාතික පක්ෂය ද සහයෝගය පළ කරන බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 July 2016 09:29