May 12, 2024

නිදහස් පක්ෂය අන්තරාදායක තත්ත්වයක (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට අන්තරාදාවක තත්තවයකට පත්ව ඇති බව අමාත්‍ය එස්. බී දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (05) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "අද පක්ෂෙ ලොකු අන්තරාදායක තැනක ඉන්නේ. මොනවා වුනත් ශ්‍රීලනිපයේ අපි එජාපයත් එක්ක ආණ්ඩුවක් හදනවා. මේක සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා කැමති දෙයක් නෙවෙයි. මේක අපි දන්නවා. අපිට තියෙන ඒ දුෂ්කරතාව රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයටත් තියෙනවා" යි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "සුළු ජාතිකයින්, සුළු ආගමිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉතා දැවැන්ත ලෙස ඉවත් කරලා දැම්මේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂලා තමයි. වෙන කවුද, හෙට මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මැතිතුමා එකතුවෙලා අපේ මන්ත්‍රීවරුන් එක්ක පක්ෂයක් හැදුවත් දීර්ඝ කාලීනව මේක දියවෙලා යනවා" යනුවෙන් කියාසිටියේ ය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 July 2016 09:57