May 12, 2024

තෙවරප්පෙරුම නවලෝක රෝහලට (VIDEO)

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (30) වැඩිදුර ප්‍රතිකාර සඳහා මතුගම, මීගස්තැන්න රෝහලේ සිට නවලෝක රොහල වෙත මාරුකර යවා තිබේ.

{module NLB} 

මතුගම, මීගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයට පළමු ශ්‍රේණිය සඳහා ළමුන් 10දෙනෙකු ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් පාලිත තෙවරප්පෙරුම මහතා අඛණ්ඩ උපවාසයක නිරත වී සිටි අතර එහි සිව්වන දිනය වන ඊයේ දිනයේ දී අදාළ විදුහලේ විදුහල්පතිවරයා ළමුන් ඇතුළත් කරගන්නා බවට ලබාදුන් පොරොන්දුවත් සමඟ උපවාසය අවසන් කළේය.

මේ අතර ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා ඊයේ එම පාසල වෙත ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා විදුහල්පතිවරයා සමඟ ඇති කරගත් බහින් බස්වීමත් සමඟ පාසල් ගොඩනැගිල්ලක වූ විදුලි පංකාවක එල්ලී ගෙලවැළලා ගැනීමටත් උත්සාහ කළේය.

ඉන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඒ මහතා ප්‍රතිකාර සඳහා මීගස්තැන්න රෝහලට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නවලෝක රෝහල වෙත මාරුකර යවා තිබේ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 July 2016 09:25