May 07, 2024

වාහන 3ක් ගැටෙයි - පහක් රෝහලේ (PHOTOS)

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම කොමර්ෂල් ප්‍රදේශයේදි මෝටර් රථය, ලොරි රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරට පත්ව පස්දෙනෙකු කොටගල රෝහලට ඇතුලත් කර තිබේ.

අද (01) උදෑසන 7.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ලොරි රථය ඉදිරියෙන් ධාවනය වු බස් රථය ඉස්සර කිරීමට යාමේදී කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු මෝටර් රථයේ ගැටී ඉදිරියට ධාවනය වෙමින් තිබි ලොරි රථයක ද ගැටී ප්‍රධාන මාර්ගය ඉදිරියේ වු කන්දක හැපි ලොරි රථය නතර වි තිබේ.

පෞද්ගලික බස් රථය කොටගල සිට හැටන් දක්වා ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවකයන් රැගෙන යන බස් රථයක් වන අතර එම බස් රථයේ රියදුරා සහ බස් රථයේ ගමන් ගත් සේවිකාවන් සිවිදෙනෙකු හා ලොරි රථයේ රියදුරා අනතුරින් පසු රෝහල් ගත කර ඇත.

මෙම අනතුරෙන් එම මාර්ගයේ ගමනාගමනයට පැයක පමණ කාලයක් බාධා පැමිණුනු අතර අනතුර පිළිබඳ දිඹුල පොලිසිය පරික්ෂණ පවත්වයි. 

ඡායාරූප පහතින්.

 

රංජිත් රාජපක්ෂ - හැටන්

 

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2016 10:00