May 12, 2024

'විදුලි විසන්ධිවීම පිටුපස රාජපක්ෂ හෙවනැල්ල'

විදුලි විසන්ධිවීම පිටුපස ඇත්තේ රාජපක්ෂ සෙවනැල්ල බව හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ ය.

මින් පෙර මේ අයුරින් ට්‍රාන්ස්ෆෝමර් පිපිරීම් සිදු නොවූ බවත් එම සිදුවීම පිටුපස සිටින්නෙත් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහු වටා සිටින කණ්ඩායම බවයි ඔහු වැඩි දුරටත් පැවසූවේ.

ඒ මහතා මේ අදහස් පළ කළේ මේ වනවිට කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ රැළිය අමතමිනි.

රැළිය ඇමතූ අකිල විරාජ් කාරියවසම් මහතා ද ප්‍රකාශ කළේ රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණ රැසක් ක්‍රියාත්මක වන බවත්, විදුලි බිඳවැටීම ද එම කුමන්ත්‍රණවල කොටසක් බවත් ය.

"අලුත් ලංකාවකට ඉඩදෙමු" තේමාවෙන් යුතු එක්සත් ජාතික පක්ෂ ජන රැලිය අද (15) සවස කොළඹ හයිඩ් පිටියෙන් ආරම්භ වූ අතර මේ හේතුවෙන් ටවුන් හෝල් අසල මාර්ග තදබදයක් ද ඇතිවී ඇත.

Rate this item
(7 votes)
Last modified on Wednesday, 16 March 2016 12:25