May 17, 2024

දෙදෙරු පියා යට කළ පස්කන්ද

මහනුවර කටුකැලේ ප්‍රදේශයේ වැඩබිමක පස් කපමින් සිටි සේවකයන් දෙදෙනකු මතට පස් කන්දක් කඩා වැටී අනතුරට ලක්ව තිබේ.

අනතුරින් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළු කර ඇත.

මියගොස් ඇත්තේ බලංගොඩ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙකු වන අතර තුවාල ලැබූ සේවකයා පොළොන්නරුවේ පදිංචි අයෙකි.

Rate this item
(0 votes)