May 06, 2024

පාඨලීගේ දුරකතන සංවාද පිරික්සීමට නියෝග

අමාත්‍ය චම්පික රණවක අමාත්‍යවරයාට අයත් රථයක යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැණුම් දී තිබේ.

තව ද චම්පික රණවක අමාත්‍යවරයාගේ දුරකතන සංවාද විශ්ලේෂණ වාර්තාවක් ද ලබාගන්නා ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇත.

එමෙන්ම CCTV දර්ශන පරීක්ෂා කරන ලෙස ද දැණුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් සිටී නම් අධිකරණ නියෝග නැතිව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් දුන් අතර සාක්කිකරුවන්ට බලපෑම් එන්නේ නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැවසුවේ ය.

සති දෙකක් ඇතුළත සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ලබන 30 වැනිදාට කල් තැබීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 March 2016 21:53