May 02, 2024

'චම්පිකව දැක්කේ නෑ' - අනතුර ඇසින් දුටුවෙකු සාක්ෂි දෙයි

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ වාහනයේ ගැටණු බව කියන යතුරුපැදියේ පසු පැදිකරුගෙන් ඊයේ (07) රාත්‍රී ප්‍රකාශයක් සටහන් කර ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

ඔහු මනෝ මින්සුක අබේසුන්දර නම් 17 හැවිරිදි තරුණයකු වන අතර අනතුරට පත් වාහනයේ පාඨලී චම්පික රණවක මහතා සිටි බව තමා නොදුටු බවත් එය පදවාගෙන ගියේ වෙනත් පුද්ගලයකු බවත් ඔහු පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සාක්ෂි දුන් එම තරුණයා ද රෝහල්ගතව සිටි අතර ඊයේ දින ඔහු රෝහලෙන් පිටවගොස් තිබේ.

මේ අතර අමාත්‍යවරයාගේ රියදුරුගෙන් ද වැලිකඩ පොලීසිය විසින් පැය දෙකක් පමණ කාලයක් තිස්සේ ප්‍රශ්ණ කර ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 March 2016 21:26