May 08, 2024

පූඩළුඔය ගින්නක් - වෙළඳසැලක් විනාශයි (PHOTOS)

නුවරඑළිය පූඩළුඔය නගර මධ්‍යයේ ඊයේ (04) රාත්‍රී 7.30 ට පමණ හටගත් ගින්නකින් තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි වෙළඳසැලක් ගිණි ගෙන විනාශ වී තිබේ.

විදුලි උපකරණ අලෙවි කරන මෙම වෙළඳසැලේ තිබු  විදුලි උපකරණ රැසක් ගින්නෙන් විනාශ වී ඇති බව පූඩළුඔය පොලීසිය සඳහන් කරයි.

රාත්‍රියේ හටගත් ගින්න පුඩළුඔය නගරයේ සෙසු වෙළඳසැල් වලට පැතිර යෑම වලක්වාලීමට පොලීසිය හා ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.

ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ඒ පිළිබඳව පූඩළුඔය පොලීසිය විසින් පරීක්ෂණ මෙහෙයවයි.

ඡායාරූප පහතින්.

 

රංජිත් රාජපක්ෂ - හැටන්

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 March 2016 10:44