May 18, 2024

කන්ටේනරයට යට වී ගුරුවරිය එතැනම මියයයි (PHOTOS)

බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර පහල දෙමළ විදුහල ඉදිරියේදි ඊයේ (29) දහවල් 1.45 ට පමණ කන්ටේනර් ලොරි රථයකට යටවී එම විදුහලේම සේවය කළ ගුරුවරියක් එම ස්ථානයේදිම මියගොස් ඇති බව බදුල්ල පොලීසිය ප්‍රකාශ කරයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ හාලිඇල උඩුවර 06 කණුව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්.එම් ශ්‍රීයාලතා නමැති 50 හැවිරිදි දෙදරු මවකි.

මෙම ගුරුවරිය තවත් ගුරුවරුන් කිහිප දෙනෙකු සහ පාසැල් ළමුන් පිරිසක් සමඟ පාසල ඇරි නිවසට යෑම සදහා බස් රථයකට නගිමින් සිටියදි පිටිපසින් පැමිණි කන්ටේනර් ලොරි රථය බසයේ වැදි ගුරුවරිය යට කරගෙන බස්රථය ද සමඟ මිටර් 27ක් පමණ ඉදිරියට ඇදි ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුකිරීමෙන් පසු ලොරි රථයේ රියදුරා පලා‍ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

අනතුර පිළිබඳව බදුල්ල පොලීසිය විසින් පරික්ෂණ පවත්වයි.

ඡායාරූප පහතින්.

පාලිත ආරියවංශ - බදුල්ල

Rate this item
(0 votes)