May 18, 2024

බණ්ඩාරගම අනතුරින් 04ක් මරුට (VIDEO)

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප‍්‍රදේශයේදී ඊයේ (29) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සිදුවූයේ ත‍්‍රීරෝද රථයක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් වන අතර මියගොස් ඇති අයගෙන් තිදෙනෙක්ම බාලවයස්කරුවන් ය.

ඒ අතර වයස අවුරුදු හතර හමාරක සහ වයස අවුරුදු 12ක පිරිමි ළමුන් 02කු සහ වයස අවුරුදු හය හමාරක ගැහැණු ළමයෙක් වේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ එක් පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ තැනැත්තෙක් වන අතර ඔහු ඕපනායක පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුතණුවන් බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ තවත් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

අනතුරින් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනා ත‍්‍රීරෝද රථයේ ගමන් කළ අය වන අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)