May 01, 2024

විදුලි පුටුවෙන් මහින්දව බේරූ හැටි මෛත්‍රී හෙළිකරයි (VIDEO)

මෛත්‍රීපාල සිරිසේන බලයට පත් වුවහොත් තමාව විදුලි පුටුවට යාමට සිදුවෙතැයි කියමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනතාව මුලා කළ නමුත් තමා බලයට පත් වූ නිසා මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් බේරා ගැනීමට හැකි වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

ජනාධිපතිවරයා මේ අහස් පළ කළේ අද (13) පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

පසුගිය රජය යුද්ධය අවසන් කළ නමුත් යුද්ධය ඇතිවීමට ඇති හේතුවලට විසඳුම් නොලැබුණු බව පැවසූ ජනාධිපතිවරයා තම රජය යුද්ධය ඇතිවීමට බලපාන හේතු සොයා විසඳුම් ලබා දී නැවත යුද්ධයක් ඇතිවීම වැලැක්වීමට කටයුතු කරමින් සිටින බව අවධාරණය කළේ ය.

තව ද මෙම රජය පසුගිය රජය මෙන් තෝරා බේරා ගත් ප්‍රදේශ පමණක් සංවර්ධනය නොකරන බවත් මුළු රටටම සමබර සංවර්ධනයක් ලබා දෙන බවත් සිරිසේන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 February 2016 08:48