May 03, 2024

අලියෙකු නිසා සිදුවූ මාරක අනතුර (PHOTOS)

February 13, 2016

අද (13) උදෑසන පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේදී වන අලියෙකුගේ ඇගේ වැදී පෙරලී තිබූ ලොරියක ගැටුණු වෑන් රියක් අනතුරට පත්වී එක් අයෙක් මියගොස් 05 දෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

ස්විට්සර්ලන්තයේ පදිංචි ශී‍්‍ර ලාංකිකයකුගේ පවුලේ සාමාජිකයින් පිරිසක් රැගෙන කටුනායක බලා යමින් තිබූ වෑන් රියක් මෙලෙස ලොරියේ හැපී ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ලොරි රථයේ ගැටුණු අලියා පිළිබඳව තොරතුරක් නොමැති අතර කරුවලගස්වැව පොලීසිය මේ සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවයි.

ඡායාරූප පහතින්.

ELEACC 0213 01 ELEACC 0213 02

ELEACC 0213 03

ELEACC 0213 04

ELEACC 0213 05

ELEACC 0213 06 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 13:03