May 22, 2024

දකුණු අධිවේගයේ වෑන් රථයක් ගිනි ගනී

February 12, 2016

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ගිනි ගැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.

අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ දොඩම්ගොඩ අතර 39 වන කිලෝමීටර් කණුව අසළ දී අද (12) දහවල් 12.40ට පමණ මෙම වෑන් රථය ගිනිගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ගිනි නිවන භටයින් පැමිණ වෑන් රථයේ හටගත් ගින්න මැඩපවත්වා ඇති අතර  ගින්න සිදුවන අවස්ථාවේ වෑන් රිය තුළ සිට ඇත්තේ එහි රියදුරු පමණි.

ගින්නෙන් ඔහුට අනතුරක් සිදුව නොමැති බව සඳහන්.

කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)